උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න

Report

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණවල කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

විවෘත සහ සීමිත පදනම යටතේ මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත අතර, සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගනු ලැබූ අපේක්ෂකයින්ට අදාළ කාලසටහන පරීක්ෂා කිරීමෙන් තමන්ට හිමි සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාව ඇතුළු තොරතුරු ලබාගත හැකිය.

ඒ අනුව, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබීමට සුදුසුකම් ලබා ඇති සියලුම අපේක්ෂකයින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කාලසටහන පරීක්ෂා කර අදාළ දිනයේදී සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නා ලෙස දැනුම් දී තිබේ.

https://moe.gov.lk/en/interview-schedule-for-graduate-teacher-recruitment-2026/