මිලියන 24කට මොකද වුණේ?..

Report

දූෂණ මර්දනය සඳහා දුන් ජයිකා අරමුදල පාරදෘෂ්‍ය භාවයෙන් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ නිලධාරින් දින 10ක කාලයක් තුළ ස්වකීය ධුරවලින් ඉවත්විය යුතු බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය සහ කොළඹ නීතිඥ සංගමය යෝජනා සම්මත කරගෙන ඇත.

හදිසියක් වුණොත් මෙන්න මේ අංකවලට කෝල් එකක් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

හදිසියක් වුණොත් මෙන්න මේ අංකවලට කෝල් එකක් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් "ජයිකා" (JICA) ආයතනය දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබුණි.

මේ ජරමර අස්සෙ එළවළු කාලත් හමාර වෙයි ද?. ඒ තරම් සුබ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ..

මේ ජරමර අස්සෙ එළවළු කාලත් හමාර වෙයි ද?. ඒ තරම් සුබ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ..

කෙසේ වෙතත් අදාළ ලංසු තැබීමේදී හා ගිවිසුම්වලට එළැඹීමේදී පාරදෘෂ්‍යභාවයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ඩි අල්විස් සහ නීතිඥ රෂ්මිනි ඉන්දතිස්ස යන්නන්ට චෝදනා එල්ල වී තිබේ.