හදිසියක් වුණොත් මෙන්න මේ අංකවලට කෝල් එකක් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Police spokesman Sri Lanka Police Weather Latest Headlines Decision Making
By krishani Jun 02, 2024 01:43 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

හදිසියක් වුණොත් මෙන්න මේ අංකවලට කෝල් එකක් දෙන්න - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | A Few Phone Numbers From The Police

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවක දී සහය ලබා ගැනීම සඳහා ය.

ඒ අනුව ‘0112 421 820’ සහ ‘0112 421 111’ යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විපතට පත් වූ ඔබට අවශ්‍ය සහය ලබා ගැනීමේ හැකියාව පවති.

කොළොන්නාවට ඇති වූ ගංවතුර තත්ත්වය..👇


මේ අතර, මේ වන විට මෙරටට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ හේතුවෙන් සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දුම්රිය ගමන් වාර රැසකට බාධා - මේ වන විට රට පුරා තත්ත්වය මෙන්න මේකයි..

දුම්රිය ගමන් වාර රැසකට බාධා - මේ වන විට රට පුරා තත්ත්වය මෙන්න මේකයි..

එමෙන්ම, හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයක් වෙත පැමිණ සිරවී සිටි පිරිසක් මුදවාගත් බව පොලීසිය සඳහන් කළේ ය.

මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම පිරිස මෙලෙස හෝටලය තුළ සිරවී ඇති අතර එහිදී පොලීසිය සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී පුද්ගලයින් 85 දෙනෙකුට ආසන්න පිරිසක් මුදාගැනීමට සමත්ව ඇත.

ගං වතුර නිසා පිරිසක් හෝටලයක සිරවෙයි. - බේරාගත් මෙහෙයුම මෙන්න. - (PHOTOS)

ගං වතුර නිසා පිරිසක් හෝටලයක සිරවෙයි. - බේරාගත් මෙහෙයුම මෙන්න. - (PHOTOS)

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට! කොළඹ තැනින් තැන යට වෙයි!😱👇


.