මේ ශීතකරණ සහ වායු සමිකරණ ලංකාවට ආනයනය කිරීම තහනම් බවට අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසියක්
එච්.සී.එෆ්.සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමිකරණ ලංකාවට ආනයනය කිරීම තහනම් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද(23) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ඒ අනුව ඔහු මේ බව ප්‍රකාශ කළේ, එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පිළිබඳ විවාදය අමතමින්.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
"අප රටේ ශීතකරණ සහ වායු සමීකරණ බොහෝමයකට භාවිත කරන්නේ හයිඩ්‍රො ක්ලෝරො ෆ්ලෝරෝ කාබන්, එච්.සී.එෆ්.සී වායුව නිකුත් වීම ඕසෝන් ස්ථරයට අහිතකර වන බැවින් එම වායු නිකුත් කිරීම අවම කිරීමට අපි වියානා සමුළුව මගින් බැඳිලා ඉන්නවා. එම නිසා එච්.සී.එෆ්.සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ 2026 ජුනි 6 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේ රටට ආනයනය තහනම් කිරීමටත් එච්.සී.එෆ්.සී වායුව සඳහා යොදා ගන්නා සම්පීඩක 2028 ජනවාරි 1 සිට ඉදිරියට බල පැවැත්වෙන පරිදි රටට ආනයනය කිරීම නතර කිරීමත් මෙම රෙගුලාසි මගින් බලාපොරොත්තු වෙනවා."