රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

Report

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවලට අයත් රාජකාරී වෙනත් සේවාවලට අයත් නිළධාරීන් වෙත පැවරීමෙන් වළකින ලෙසයි.

අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරුවන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

එමෙන්ම වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරුවලට අයත් රාජකාරී ඇතැම් ආයතන සේවා ප්‍රධානීන් වෙනත් සේවාවලට අයත් නිළධාරීන්ට පවරා ඇති බවටයි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ අදාළ ක්‍රියාමාර්ග හේතුවෙන් එම තනතුරුවල කාර්යයභාරය මගින් අපේක්ෂිත ගුණාත්මකභාවය වගවීම සහ වෘත්තීය ප්‍රමිතිය නිසි අයුරින් ඉටු නොවන බවයි.

රැකියා විරහිත උපාධිධාරීන් 80000 ඉන්නවා - රජයෙන් උපාධිධාරීන් රැකියාවට බඳවා ගන්නවා කිව්වා - ඔවුන්ව අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න

රැකියා විරහිත උපාධිධාරීන් 80000 ඉන්නවා - රජයෙන් උපාධිධාරීන් රැකියාවට බඳවා ගන්නවා කිව්වා - ඔවුන්ව අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න

එම නිසා තාක්ෂණ සේවයේ තනතුරුවල පුරප්පාඩු පවතින්නේ නම් එම පුරප්පාඩු සේවා ව්‍යවස්ථාවට හා බඳවාගැනීමේ පටිපාටියට අනුකූලව සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇති බව සඳහන් වෙයි.  

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ | Sri Lanka Ban Cross Service Duties Technical Posts