අග්බෝ හස්තියා සැරිසරන බිමේ මර උගුලක් - ගිනිඅවි සහ හක්කපටස් සමඟ තවත් භයානක දේ හමුවෙයි

Report

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ජාතික ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශය ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, එම ප්‍රදේශයේ නිතර සැරිසරන අග්බෝ හස්තියාගේ ජීවිත ආරක්ෂාව ද මෙහිදී විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

මෙම වැටලීමේදී වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන අනවසර ගිනිඅවි, බඳින තුවක්කු,බඳින තුවක්කුවක මරු වැලක්, හක්කපටස්, මදු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

වන අලි ඇතුන් දඩයම් කිරීම සහ ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක්.

එමෙන්ම මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කරමින් අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම සඳහා ද මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්. 

ශ්‍රී ලංකාවේ සංචාරක ආදායමට මොකද වෙන්නේ? - මාස තුනක් එක දිගට ඉහළට ගිය ගමන ඔක්තෝබර් මාසයෙත් සුබයි

ශ්‍රී ලංකාවේ සංචාරක ආදායමට මොකද වෙන්නේ? - මාස තුනක් එක දිගට ඉහළට ගිය ගමන ඔක්තෝබර් මාසයෙත් සුබයි

    

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්