බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් - ආයෙත් ලංකාවට වෙන්න යන දේ මෙන්න
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (15) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙරවරු 11.30 දක්වා වලංගු වේ. ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, අද පෙරවරු 5.30 වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 600ක් පමණ දුරින්, ඊසාන දෙසින් ස්ථානගත වී තිබුණි.
මෙම පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (16) උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, රාත්‍රී කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට නියමිතය.
එමෙන්ම අනිද්දා (17) වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව එය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින්, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.
න්‍යෂ්ටික අවි ගැන තීරණාත්මක සාකච්ඡාවකට ලෝක බලවතුන් සැරසෙයි - ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින්ගේ ඓතිහාසික හමුවේ අරමුණ කුමක්ද?
දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන්ට වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.