රැකියා විරහිත උපාධිධාරීන් 80000 ඉන්නවා - රජයෙන් උපාධිධාරීන් රැකියාවට බඳවා ගන්නවා කිව්වා - ඔවුන්ව අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න

Report

අද (14) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන බව පවසන බවත් මෙසේ අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගන්නවා නම් 80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ ඉන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත්ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව jobඋසස් අධ්‍යාපනයේ ඉහළටම ගිය අය අතර දකුණු ආසියාවේ වැඩිම විරැකියා ප්‍රතිශතය වන 43%ක් අප රටේ ඇති බවත් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස දශක ගණනාවක් සේවය කළත් අදටත් මැතිවරණ පොරොන්දුව ලෙස ගුරු සේවයට එන්න බැරිව ඇති බවත්ය.

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

ඔහු පෙන්වා දෙන්නේ මානව සංවර්ධන දර්ශකයට රැකියාවක් පැවතීම කරුණක් වුවත් ඒ තුළින් ලැබෙන ආදායමෙන් සෙසු දේවල් නිර්මාණය වන බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් 80,000ම බරපතළ ගැටලුවලට මුහුණ දෙන නිසා මොවුන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන වත්මන් ජීවන මට්ටමට සරිලන මාසික දීමනාවක් ලබා දෙන ලෙසත්ය.

මීට අමතරව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය මැතිවරණ තුනේදීම මෙම රැකියා විරහිත උපාධිධාරීන් වත්මන් රජයට බලය ලබාදුන්නේ මෙම රැකියා ලබා ගැනීමට බවත්, අවම වශයෙන් මොවුන් අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

කටවහන් ඉන්න කියන්නකෝ බිමල් රත්නායකට... මෙයා මුළු පාර්ලිමේන්තුවටම අගෞරවයක්... ඉතිහාසයේම මෙයා තරම් පාර්ලිමේන්තුවේ නමයි කාලයයි කැත කරපු කෙනෙක් නෑ - බිමල් අර්චුනා උණුසුම් වචන හුවමාරුවක්

කටවහන් ඉන්න කියන්නකෝ බිමල් රත්නායකට... මෙයා මුළු පාර්ලිමේන්තුවටම අගෞරවයක්... ඉතිහාසයේම මෙයා තරම් පාර්ලිමේන්තුවේ නමයි කාලයයි කැත කරපු කෙනෙක් නෑ - බිමල් අර්චුනා උණුසුම් වචන හුවමාරුවක්