නොර්වුඩ්හි මද්දකට හසුවූ පුංචි කොටි ධේනුවට මොකද වුණේ? - වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙනිගලට

Report

නොර්වුඩ් ප්‍රදේශයේදී මද්දකට හසුව සිටි වයස අවුරුදු තුනහමාරක ගැහැණු කොටියෙකු මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් තිබෙනවා.

බගවන්තලාව වතු සමාගමට අයත් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආතඩ් වත්ත ප්‍රදේශයේදී ඊයේ (12) මෙම කොටියා මද්දකට හසුව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයට ලද තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට පැමිණ කොටියා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

එහිදී කොටියා කලබල වීමේ අවදානම අවම කිරීම සඳහා එම ස්ථානයට රැස්ව සිටි ජනතාව ඉවත් කිරීමට ද නිලධාරීන් කටයුතු කර ඇති අතර, අනතුරුව රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරීන් එක්ව සත්වයා මද්දෙන් මුදාගෙන තිබෙනවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොටියා රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්. මේ වන විට කොටියා සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්නා බව රන්දෙනිගල ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අකලංක පිණිදිය ප්‍රකාශ කර තිබෙනවා.

දින කිහිපයක් පශු වෛද්‍ය ඒකකයේ රඳවාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සත්වයා යළිත් නිජබිමට මුදාහැරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අග්බෝ හස්තියා සැරිසරන බිමේ මර උගුලක් - ගිනිඅවි සහ හක්කපටස් සමඟ තවත් භයානක දේ හමුවෙයි

අග්බෝ හස්තියා සැරිසරන බිමේ මර උගුලක් - ගිනිඅවි සහ හක්කපටස් සමඟ තවත් භයානක දේ හමුවෙයි

අම්බලන්ගොඩදී ලක්ෂ 40ක හෙරොයින් සමඟ චූටිගේ ගෝලයෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩදී ලක්ෂ 40ක හෙරොයින් සමඟ චූටිගේ ගෝලයෙකු අත්අඩංගුවට