කංචන ඉවතට යද්දී විජේසේකර පවුලේ තවත් අයෙක් දේශපාලනයට
හිටපු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවත්, යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අරමුණක් හෝ අවශ්‍යතාවක් නොමැති බවත් ප්‍රකාශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔහු ඊයේ (14) සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, කංචන විජේසේකර මහතා දේශපාලනයෙන් ඉවත්ව සිටියදී විජේසේකර පවුලේ තවත් සාමාජිකයකු මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බවට වාර්තා පළ වී තිබේ.
ඒ අනුව, කංචන විජේසේකර මහතාගේ බාප්පාගේ පුත්‍රයා වන අග්බෝ විජේසේකර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර දේශපාලනයට පිවිසීමට නියමිත බව සඳහන් වේ.
''දේශපාලනයට නැවත එන්න කිසිම අදහසක් හෝ උනන්දුවක් නැහැ" - පියාගේ අභාවයෙන් පසු එළඹි පළමු උපන්දිනය දා කාංචන විජේසේකර තැබූ සංවේදී සටහන
මේ සම්බන්ධයෙන් ඔහු පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අග්බෝ විජේසේකරට උපදෙස් ලබාදී ඇත්තේ, හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා කංචන විජේසේකරට දේශපාලන සහාය ලබාදෙන ලෙස කළ ඉල්ලීම සිහිපත් කරමිනි.
කංචන විජේසේකර මහතා මේ වන විට දේශපාලනයෙන් ඉවත්ව සිටින බැවින් එම දේශපාලන ගමන ඉදිරියට ගෙන යාමට අග්බෝ විජේසේකරට අවස්ථාව ඇති බව වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.