පූනේ සිට ගුවහාටි බලා ගිය 6E 0623 යානයට අහසේදී සිදුවූ හදිසි අකරතැබ්බය-මගීන් 192කගේ ජීවිත බේරුණු ත්‍රාසජනක මෙහෙයුම මෙන්න

By Kanchana Nov 15, 2026 06:44 AM GMT
Report

පූනේ සිට ගුවහාටි බලා ගමන් කරමින් තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, ගුවන්ගත වීමෙන් පසු එහි ගොඩබෑමේ ආම්පන්න (Landing Gear) යළි ඇතුළට ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉරිදා උදෑසන නැවත පූනේ ගුවන් තොටුපළට පැමිණ ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.

මෙම යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 192 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලුදෙනාම ආරක්ෂිතව සිටින බවත් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවත් සඳහන් වේ.

6E 0623 (VT-IZE) දරන ගුවන් යානය ගුවන්ගත වී සුළු වේලාවකට පසු මෙම තාක්ෂණික දෝෂය හටගෙන තිබේ. එහිදී ගුවන් නියමුවා ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය (ATC) වෙත දැනුම් දී ඇත්තේ යානයේ ගොඩබෑමේ ආම්පන්න දිගු කළ ස්ථානයේම රැඳී ඇති බවයි.

ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි

ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි

සිද්ධිය සැලවීමත් සමඟ පූනේ ගුවන් තොටුපළ බලධාරීන්, ATC, ඉන්ඩිගෝ ගුවන් සේවය සහ අදාළ හදිසි ප්‍රතිචාර ආයතන සමඟ එක්ව කඩිනම් පියවර ගෙන තිබේ.

ඉන්දීය ගුවන් හමුදාව (IAF) විසින් පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අවශ්‍ය සියලුම ආරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ගිනි නිවන රථ, ගිලන් රථ සහ අනෙකුත් හදිසි සහන කණ්ඩායම් සූදානම් කර තිබිණි.

පූර්වාරක්ෂක පියවරක් ලෙස යානය ගුවන් ධාවන පථයට ඉහළින් පහත් මට්ටමකින් පියාසර කරවා එහි ගොඩබෑමේ ආම්පන්න නිසි ලෙස ක්‍රියාත්මක වනවාදැයි දෘශ්‍යමය වශයෙන් පරීක්ෂා කර තිබේ.

අනතුරුව පෙරවරු 9.04ට යානය පූනේ ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා ඇත.

ගොඩබෑමෙන් පසු ගිනි නිවන රථ තුනක් සහ ගිලන් රථ දෙකක් යානය සමඟ ගමන් කරමින් එය අංක 7 දරන ගුවන් යානා නැවතුම් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

යානයේ ආරක්ෂිත තත්ත්වය තහවුරු කිරීමෙන් අනතුරුව පෙරවරු 9.10ට පූර්ණ හදිසි තත්ත්වය අවසන් කර ඇත. ඉන්පසුව යානයට ගුවන් පාලම සම්බන්ධ කර ඇති අතර, සියලුම මගීන් ආරක්ෂිතව ඉන් පිටතට ගෙන තිබේ.

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

මේ අතර, බලපෑමට ලක්වූ මගීන්ට ගුවහාටි බලා යන ගමන අඛණ්ඩව සිදු කිරීමට හැකිවන පරිදි බැංගලෝර් සිට පූනේ වෙත විකල්ප ගුවන් යානයක් යෙදවීමට ඉන්ඩිගෝ ගුවන් සේවය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ හදිසි ප්‍රතිචාර මෙහෙයුම කඩිනමින් සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදුකළ බවයි.

පූනේ ගුවන් තොටුපළ බලධාරීන්, ඉන්දීය ගුවන් හමුදාව, ATC, ඉන්ඩිගෝ ගුවන් සේවය සහ අනෙකුත් හදිසි සේවා ආයතන එක්ව ස්ථාපිත ආරක්ෂක ක්‍රියාපටිපාටි අනුව කටයුතු කළ බවත්, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.