ලෝක ඉතිහාසයේ පළමු වරට අහසේදීම අභ්‍යවකාශ යානයක් බිමට වැටෙන්න නොදී යාන්ත්‍රික අත් දෙකකින් අල්ලාගනී

Report

ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. ඒ, පෘථිවියට නැවත පැමිණෙන Starship අභ්‍යවකාශ යානය පළමු වරට යානා ගොඩබෑමේ වේදිකාවේ සවි කර ඇති යාන්ත්‍රික අත් දෙකක් ආධාරයෙන් අහසේදීම අල්ලා ගැනීමට සමත් වීමත් සමඟයි.

පසුගිය සෙනසුරාදා සිදුකළ මෙම මෙහෙයුමේදී පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී ඇතිවන අධික උෂ්ණත්වයට සාර්ථකව මුහුණ දුන් Starship යානය, ක්‍රමයෙන් පහළට පැමිණ ටෙක්සාස්හි Starbase අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි යාන්ත්‍රික අත් දෙක අතරට පැමිණ තිබෙනවා.

මෙම යාන්ත්‍රික අත් දෙක 'Chopstick Arms' ලෙස හඳුන්වන අතර, ඒවායේ ආධාරයෙන් යානය සාර්ථකව අල්ලා ගැනීමට හැකිවීම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දශක ගණනාවක් පුරා පැවති අභියෝගයක් ජයගැනීමක් ලෙස සැලකෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ අභ්‍යවකාශ යානා සහ රොකට් නැවත නැවත භාවිත කිරීමේ තාක්ෂණය තවදුරටත් යථාර්ථයක් බවට පත්වීමේ මඟ විවෘත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහෙයුම සාර්ථක වීමත් සමඟ ඉලෝන් මස්ක් SpaceX කණ්ඩායමට සුබපැතුම් එක්කර තිබූ අතර, යාන්ත්‍රික අත් දෙක අතර රැඳී තිබූ අභ්‍යවකාශ යානයේ වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

ලෝක ඉතිහාසයේ පළමු වරට අහසේදීම අභ්‍යවකාශ යානයක් බිමට වැටෙන්න නොදී යාන්ත්‍රික අත් දෙකකින් අල්ලාගනී | Historic First Spacecraft Caught Mid Air

එහිදී ඔහු සඳහන් කර තිබුණේ යානය ඉතා හොඳ තත්ත්වයක පවතින බවයි. මෙය ලොව විශාලතම සහ බලවත්ම රොකට් පද්ධතියේ 15 වැනි පරීක්ෂණ ගුවන් ගමන ද වනවා.

එම පැය 22ක මෙහෙයුම අතරතුර Starship යානය පෘථිවිය වටා වට 14ක් ගමන් කර ඇති අතර, ඉලෝන් මස්ක්ගේ Starlink අන්තර්ජාල ජාලය සඳහා චන්ද්‍රිකා 26ක් ද කක්ෂගත කර තිබෙනවා.

මීට පෙර SpaceX සමාගම සිය රොකට්වල පහළ කොටස වන Booster යළි පැමිණෙන අවස්ථාවලදී අවස්ථා තුනකදී සාර්ථකව අල්ලාගෙන තිබුණත්, සම්පූර්ණ Starship අභ්‍යවකාශ යානය අල්ලා ගැනීමට සමත් වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම මෙහෙයුම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දැවැන්ත තාක්ෂණික ජයග්‍රහණයක් බව අභ්‍යවකාශ විශේෂඥ ක්ලේටන් ස්වෝප් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තාක්ෂණය සම්පූර්ණයෙන්ම විශ්වාසදායක බව තහවුරු කිරීම සඳහා මෙවැනි සාර්ථක මෙහෙයුම් කිහිපයක් අඛණ්ඩව සිදුකළ යුතු බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

දියමන්ති 3,150කින් හැඩවුණු මිස් යුනිවර්ස් නව කිරුළ ලොවම මවිත කරමින් එළිදකියි - වසර 75ක අභිමානවත් ඉතිහාසයත් එහි සනිටුහන් වෙයි

දියමන්ති 3,150කින් හැඩවුණු මිස් යුනිවර්ස් නව කිරුළ ලොවම මවිත කරමින් එළිදකියි - වසර 75ක අභිමානවත් ඉතිහාසයත් එහි සනිටුහන් වෙයි

මේ අතර, ඇමෙරිකානු අභ්‍යවකාශ ආයතනය වන NASA ආයතනය ද සිය Artemis සඳ ගවේෂණ මෙහෙයුම සඳහා Starship යානය සඳ මතට ගොඩබැසීමේ යානයක් ලෙස භාවිත කිරීමට අපේක්ෂා කරනවා.

ඉලෝන් මස්ක්ගේ දිගුකාලීන සැලසුම වන්නේ Starship යානය වේගයෙන් නැවත භාවිත කළ හැකි අභ්‍යවකාශ ප්‍රවාහන පද්ධතියක් බවට පත් කිරීමයි.

ඒ හරහා අන්තර්ජාල චන්ද්‍රිකා, දත්ත මධ්‍යස්ථාන ඇතුළු විවිධ උපකරණ අභ්‍යවකාශයට යැවීමටත්, අනාගතයේදී සඳ සහ අඟහරු වෙත මිනිසුන් ප්‍රවාහනය කිරීමටත් ඔහු අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, අභ්‍යවකාශයේදී යානයට ඉන්ධන පිරවීමේ තාක්ෂණික අභියෝගය ඇතුළු ගැටලු කිහිපයක් තවමත් විසඳාගත යුතුව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි

ඉන්දියාවට යන එන අයට සුපිරි ආරංචියක් - Tourist Visa වෙනුවට අලුත්ම 'Visitor Visa' කාණ්ඩයක්- ඉන්දියාව වීසා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි