සුක්කානමක් නැහැ, පැඩල් නැහැ, රියදුරෙකුත් නැහැ - ඉලොන් මස්ක්ගේ සුපිරි 'Cybercab' විද්‍යුත් රථය පෞද්ගලික පාරිභෝගිකයින්ටත් මිලදී ගැනීමට Tesla සමාගම අවස්ථාව

By Kanchana Nov 15, 2026 05:41 AM GMT
Report

එක්සත් ජනපදයේ තෝරාගත් පාරිභෝගිකයින්ට පෞද්ගලික භාවිතය සඳහා සිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය Cybercab විද්‍යුත් රථය මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට Tesla සමාගම පියවර ගෙන තිබේ.

රියදුරෙකුගේ මැදිහත්වීමකින් තොරව ධාවනය වන වාහන පෞද්ගලික හිමිකාරිත්වයට හඳුන්වාදීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ. ආසන දෙකකින් සමන්විත මෙම අනාගතවාදී පෙනුමකින් යුත් විද්‍යුත් රථයට සාම්ප්‍රදායික සුක්කානමක් හෝ වේගය පාලනය කරන පැඩල් කිසිවක් ඇතුළත් කර නොමැත.

එහි මිල ඇමරිකානු ඩොලර් 29,990ක් වන අතර, ස්වයංක්‍රීය රිය පැදවීමේ සේවාව භාවිත කිරීම සඳහා ගැනුම්කරුවන්ට මසකට අමතර ඩොලර් 299ක දායක ගාස්තුවක් ගෙවීමට සිදුවේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, Tesla සමාගම පසුගිය සිකුරාදා මෙම නව පියවර ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක Robotaxi සේවාවෙන් ඔබ්බට සිය ස්වයංක්‍රීය වාහන ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණින් සීමිත පාරිභෝගික පිරිසකට Cybercab රථය ඇණවුම් කිරීමට අවස්ථාව සලසා ඇත.

සාමාන්‍ය වාහනවලට වෙනස්ව, Cybercab රථය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය රිය පැදවීමේ තාක්ෂණය මත ක්‍රියාත්මක වන පරිදි නිර්මාණය කර තිබේ. ඒ අනුව, එහි ධාවනය සඳහා මිනිස් රියදුරෙකුගේ අවශ්‍යතාවක් නොමැත.

කෙසේ වෙතත්, ආරම්භක අදියරේදී පෞද්ගලික හිමිකරුවන්ට මෙම රථය භාවිත කළ හැක්කේ Tesla සමාගමේ Robotaxi සේවාව ක්‍රියාත්මක වන බවට අනුමත කර ඇති නිශ්චිත භූගෝලීය ප්‍රදේශ තුළ පමණි.

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

එම ප්‍රදේශවලින් පිටතදී රථය අතින් පාලනය කර ධාවනය කිරීමටද හැකියාවක් නොමැත. Cybercab රථයක් ඇණවුම් කිරීම සඳහා පාරිභෝගිකයින් ආපසු ලබා නොදෙන ඩොලර් 1,000ක තැන්පතුවක් ගෙවිය යුතුය.

පළමු වාහන බෙදාහැරීම් 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. අනිවාර්ය මාසික දායක ගාස්තුව වන ඩොලර් 299 අනුව වසරකට අමතර ඩොලර් 3,588ක පිරිවැයක් හිමිකරුවන්ට දැරීමට සිදුවේ.

එම දායකත්වය සක්‍රියව නොමැති අවස්ථාවක වාහනය ක්‍රියාත්මක කළ නොහැකි බවද සඳහන් වේ. මේ අතර, අදාළ මාසික ගාස්තුව ඉහළ අගයක් ගන්නා බව Tesla ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් පිළිගෙන තිබේ.

එය සමාගමේ දැනට පවතින Full Self-Driving සහ සම්බන්ධතා සේවාවන් සඳහා අය කරන ගාස්තුවලට සමානව ඩොලර් 115කට ආසන්න මට්ටමක පැවතිය යුතු බවද ඔහු යෝජනා කර ඇත. අවශ්‍ය නියාමන අනුමැතීන් ලබාගැනීමත් සමඟ Cybercab රථය එක්සත් ජනපදය පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවද මස්ක් පවසා තිබේ.

Tesla සමාගමේ කෘත්‍රිම බුද්ධි අංශ ප්‍රධානී අශෝක් එල්ලුස්වාමි සඳහන් කර ඇත්තේ, සමාගමේ Robotaxi සේවාව ආවරණය කරන භූගෝලීය ප්‍රදේශ තුළ පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින Cybercab රථවලටද මිනිස් අධීක්ෂණයකින් තොරව ධාවනය වීමේ හැකියාව පවතින බවයි.

රන් පැහැති බාහිර පෙනුමකින් යුත් Cybercab රථයට මගීන් දෙදෙනෙකු සඳහා ආසන සහ සමනල පියාපත් ආකාරයට විවෘත වන දොරවල් ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත්, පෞද්ගලික අලෙවිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණද, එක්සත් ජනපදයේ පවතින වාහන ආරක්ෂණ ප්‍රමිතීන්ට මෙම රථය අනුකූලද යන්න සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු පවතී.

බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානමක්-හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වය වැඩි වෙයි

බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානමක්-හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වය වැඩි වෙයි

විශේෂයෙන්ම සුක්කානමක් සහ පැඩල් නොමැති වීම හේතුවෙන් එහි නීතිමය සහ ආරක්ෂණ අනුමැතිය පිළිබඳව අවධානය යොමුව තිබේ.

මෙම පියවරත් සමඟ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය විද්‍යුත් වාහන හරහා පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනස් කිරීමේ Tesla සමාගමේ දිගුකාලීන සැලසුම තවත් ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න