මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් - මාස 8ක් තුළ රජයේ බදු නොවන ආදායම ඉහලට

Report

මෙම වසරේ පළමු මාස 8 තුළ රජයේ බදු නොවන ආදායම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ 2027 වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 226.2ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ බදු නොවන ආදායම රුපියල් බිලියන 314.8ක් දක්වා සියයට 39.1කින් වර්ධනය වී ඇති අතර, රජයේ සමස්ත ආදායම සඳහා බදු නොවන ආදායම සියයට 7.9කින් දායකත්වය ලබා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් බිලියන 42.1ක ලාභ පැවරීම් ද ඇතුළුව ලාභ හා ලාභාංශ, කුලී, දඩ, ගාස්තු හා අයකිරීම්, පොලී ආදායම සහ සමාජ ආරක්ෂණ දායකත්වයෙන් ලද ආදායම ඉහළ යාම බදු නොවන ආදායම මෙලෙස වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

ඒ අනුව පොලී ආදායම 2025 වසරේ පළමු මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 43.4ට සාපේක්ෂව 2026 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ රුපියල් බිලියන 51.7ක් දක්වා සියයට 19.1කින් වර්ධනය වී ඇත.

දඩ, ගාස්තු සහ අයකිරීම් තුළින් ලද ආදායම ද පෙර වසරේ රුපියල් බිලියන 112.6ට සාපේක්ෂව සියයට 18.7කින් වර්ධනය වෙමින් මෙම වසරේ රුපියල් බිලියන 133.6ක් ලෙස වාර්තා වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතින් ලද ගාස්තු හා අයකිරීම්වල ආදායම ද ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ යාම හා දායකත්ව අනුපාතය ඉහළ දැමීම හේතුවෙන් සමාජ ආරක්ෂණ දායකත්වයෙන් රජයට ලද ආදායම පෙර වසරේ රුපියල් බිලියන 36.6 ඉක්මවමින් මෙම වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 45.3ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද කුලී ආදායම 2025 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 3.9 සිට රුපියල් බිලියන 5.1 දක්වා සියයට 31.8කින් ද, රජය සතු ව්‍යවසායන්ගෙන් ලද ලාභ හා ලාභාංශ ආදායම රුපියල් බිලියන 14.6 සිට රුපියල් බිලියන 19.9ක් දක්වා සියයට 36කින් ද වර්ධනය වී තිබේ.

අයවැයෙන් වාහන ආනයනයට සහන නැති නිසා වාහන මිලට සිදුවෙන දේ ගැන අනාවරණයක්

අයවැයෙන් වාහන ආනයනයට සහන නැති නිසා වාහන මිලට සිදුවෙන දේ ගැන අනාවරණයක්

ඒ අනුව, 2026 වසර සඳහා ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 360ක බදු නොවන ආදායම් ඉලක්කයෙන් සියයට 87.4ක්ම පළමු මාස අට තුළ රැස්කර ගැනීමට රජය සමත්ව ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.