දුම්රිය වර්ජන හමාරයි..යුද හමුදාවට දුම්රිය ධාවනය පුහුණුව ලබාදෙයි..
Sri Lanka Army
Sri Lanka
By Aruna
යුද හමුදා නිළධාරිනියන් සඳහා දුම්රිය එන්ජින් ධාවන පුහුණුවීම් වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.
යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට යුද හමුදාවේ සියලුම ඒකක වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
යුද හමුදාවේ මේජර් හා ඉහළ නිලයන් දරණ නිලධාරිනියන්ට මෙම පුහුණුව සඳහා අවස්ථාව ලබාදීමට පියවරගෙන තිබේ.
එම පාඨමාලාව හැදෑරීමට කැමැති අය ඒ සඳහා ඉදිරිපත් වන ලෙස යුද හමුදාව දැනටමත් අදාල අංශ වලටදැනුම් දී ඇත.
මෙලෙස යුධ හමුදාවට දුම්රිය පුහුණුව සඳහා අවස්ථාවක් සලසා දීම තුලින් ඉදිරියේදී දුම්රිය වර්ජනයන් සිදුකරන අවස්ථා වලදී ඒ සඳහා පුහුණුව ලත් හමුදා නිලධාරිනියන් යොදවා ගැනීමට හැකියාව ලැබේ.
එලෙස යොදාගැනීමෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවයන් මගහරවා ගැනීමට හැකියාව සැලසෙන අතර එය මගීජනතාවගේ යහපතටද හේතුවක් වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |