යුධහමුදාවේ ඉහළ තනතුරක වෙනසක්..
Sri Lanka Army
Sri Lanka
By Aruna
ඇලෝසියස් පුතෙක් විරැවන් අතර ඉහලට මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා යුදහමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්කර ඇති බවට වාර්තාවනවා.
මීට පෙර ඔහු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ලෙසද යුද්ධ හමුදා මූලස්ථානයේ 32 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙසද කටයුතු කරනු ලැබුවා.
ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ජගත් කොඩිතුවක්කු 1986 දී කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව සාර්ථක ලෙස පාඨමාලාව හදාරා 1987 වර්ෂයේදී දෙවැනි ලුතිනන්වරයකු ලෙස ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවට එක් වී ඇත.
30 වසරක යුද්ධය නිමා කිරීම වෙනුවෙන් දියත් වු මානුෂික මෙහෙයුමේදී කැපී පෙනෙන කර්තව්‍යයක් ඉටු කළ ජගත් කොඩිතුවක්කුගේ යුද හමුදා සේවා කාලය අවුරැදු 37ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |