මාර්තු 15 ඉඳන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් නැව් පහක්
පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත 2026 - 03 -15 සිට 2026-09-14 කාලයේ පෙට්‍රල් 92 Unl බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසම්පාදනය වෙනුවෙන් එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබෙනවා.
එබැවින් ඒ වෙනුවෙන් සැපයුම්කරුවන් 06 දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එකී ලංසු ඇගයීමෙන් පසුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව, එම කොන්ත්‍රාත්තුව අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත පිරිනැමීම සඳහා බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.