ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ගන්න හදපු සැලැස්මට කැබිනට් අනුමැතිය
පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025‑2030 වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට සහ වසර 2050 වන විට කාබන් උදාසීනතාව ළඟා කර ගැනීමට පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය වන බව සඳහන්.
මෙම සැලැස්ම 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත මඟින් සකස් කිරීමට නියම කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් අඳාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, යෝග්‍ය ඉඩම් හඳුනාගැනීම සහ ප්‍රමුඛතාව ලබා දීම, පුනර්ජනනීය බලශක්ති සිතියම හා පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සංවර්ධනය කිරීමේ කාලරාමුව යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන ආවරණය කරමින් සහ පාවෙන සූර්යබල ව්‍යාපෘතීන් ද ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති 'පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030' බලශක්ති අමාත්‍යවරයා මඟින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.