රුසියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka Russian Federation
By Aruna Jun 06, 2022 11:35 PM GMT
Aruna

Aruna

Report

එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ " කොළඹ වාණිජ මහාධිකරණය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා තබා ගැනීම සඳහා ජූනි 2 වැනිදා ලබා දුන් වාරණ නියෝගය අද අත්හිටුවන ලදි. අත්හිටුවූ පසු ගුවන් යානය මොස්කව් බලා පියාසර කළ අතර මෙම තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now