ශ්‍රී ලංකා නවසීලන්ත තරඟයේ අද සිදු වූ විශේෂ දේ..

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team
By Aruna Sep 20, 2024 06:24 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (20) දිනයේදී නවසීලන්ත ඉනිම ලකුණු 340කට සීමා කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවුණා.

අද උදෑසන තරගය ආරම්භ කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක පසුවුවද, ඉනිමට තවත් ලකුණු 85ක් පමණක් එකතුවද්දී ඉතිරි කඩුලු 06 දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවීම ද විශේෂත්වයක්.

හෙට සිට දිවයින පුරා සියලුම සුරා සැල් වසා දමයි..යළි විවෘත වීම ගැනත් දැනුම්දෙයි.

හෙට සිට දිවයින පුරා සියලුම සුරා සැල් වසා දමයි..යළි විවෘත වීම ගැනත් දැනුම්දෙයි.


ඒ් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 305ට පිළිතුරු ලෙස නවසීලන්තයට ඉදිරියට යාමට හැකිවූයේ ලකුණු 35ක් පමණයි.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 70ක්, කේන් විලියම්සන් ලකුණු 55ක් හා ඩැරිල් මිචෙල් ලකුණු 57ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 136කට කඩුලු 04ක් දවාගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.