හෙට සිට දිවයින පුරා සියලුම සුරා සැල් වසා දමයි..යළි විවෘත වීම ගැනත් දැනුම්දෙයි.

Report

ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් එළැඹෙන 21 සහ 22 දෙදින දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් සී.ජේ.ඒ.වීරක්කෝඩි මහතා නියෝග කර තිබේ.

මෙම නියෝගය සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (3 stars) ට ඉහළ සුරාබදු රු.බි. 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රයලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් අදාළ නොවන බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කල නියෝගයේ සඳහන් කර වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමාජ මාධ්‍ය භාවිතා කරන අයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..විශේෂයෙන් facebook භාවිතා කරන්නන්ටයි.

සමාජ මාධ්‍ය භාවිතා කරන අයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..විශේෂයෙන් facebook භාවිතා කරන්නන්ටයි.


සුරා බදු කොමසාරිස් ජනරාල් සී.ජේ.ඒ.වීරක්කෝඩි මහතා විසින් නිකුත් කල නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙ‍ෙහයුම් මැදිරි හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය ඔස්සේ දවසේ පැය 24 පුරාවටම මහජනතාව වෙත විවෘතව තබා ඇති බවයි.