කොළඹ බන්ධනාගාරයෙන් සහ රෝහලෙන් ස්මාට් ෆෝන් 23ක් ලක්ෂ ගණන් සල්ලි අයිස් මත්ද්‍රව්‍ය හම්බෙලා
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල පරීක්ෂා කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ට ජංගම දුරකථන සහ මුදල් සොයාගැනීමට හැකි වී තිබේ.
ඊට අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘අයි වාට්ටුව’ පරීක්ෂා කල අවස්ථාවේදී ජංගම දුරකථන 23ක් සොයාගෙන ඇත.
එහිදී බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුව පරීක්ෂා කිරීමේදී Smart වර්ගයේ ජංගම දුරකථන දෙකක් මුදල් රුපියල් 153,000 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ද හමුවී තිබේ.
ජංගම දුරකථන,අයිස් සහ මුදල් බන්ධනාගාරය තුළට රැගෙන ආ අයුරු සෙවීමට බන්දනාගාර මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර නිලධාරීන් පවසයි.