කොරියාවෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්...

Sri Lanka Korean Seetha arambepola
By Aruna Mar 25, 2022 06:23 AM GMT
Aruna

Aruna

Report

ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ (K-Tec) විශේෂ නිරීක්ෂණ චාරිකාවකට ශ්‍රී ලංකා කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් (Woonjin Jeong) මහතා සහ කොරියානු EXIM බැංකුවට අයත් මෙරට නියෝජිත කාර්යාලයේ අධ්‍යක්ෂක Ha Wonsuk මහතා ඇතුළු කොරියානු නියෝජිතයින් පිරිසක් ඊයේ දින (24) සහභාගී වූ අතර ඒ සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය ද එක්ව සිටියා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව විශේෂ සාකච්ඡාවක් ද පැවති අතර මෙරට වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් නගාසිටුවීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යතුමිය විසින් කොරියානු නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් සිදුකළ අතර ඒ සඳහා අවශ්‍ය සියළුම සහයෝගය ලබාදීමට ඔවුන් එකඟ වු බවයි පැවසෙන්නේ.

කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල් (Economic Development Cooperation fund) ආධාරයෙන් ඉදිකෙරුණු K-Tec ආයතනය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) යටතේ ක්‍රියාත්මක වනවා.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපති මහේෂ් ආරියරත්න මහතා, කොරියානු තානාපති කාර්යාලයීය නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now