ශ්‍රී ලංකාවේ වැදගත්ම තැනක් ඇමරිකාවට දෙයි!!!ආණ්ඩුවේම ප්‍රභලයින් 03ක් විරුද්ධ වෙයි..

America Sri Lanka Wasudewa nanayakkara Besil Rajapakshe Wimal weerawansha
By Aruna Sep 19, 2021 06:21 AM GMT
Aruna

Aruna

Report

ඇමරිකාවේ නිවු ෆෙට්‍රොස් නැමැති සමාගමකට මෙරට යුගදනව් විදුලි බලාගාරයෙන් කොටස් පවරා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරන්නේ මෙම යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

එම යෝජනාවට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරු විරෝධය පල කර ඇතැයි ද සඳහන්ය.

එම කැබිනට් පත්‍රිකාව එදින කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොතිබූ බවත් කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර අදාළ එය අමාත්‍යවරුන් අතට බෙදා දීමක් සිදු කර නැති බවත් පුවත්පත වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ ඇමතිවරුන් විරෝධය පළ කර තිබිණි.

එමෙන්ම එම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව එක් පාර්ශවයක් වෙත පවරා දීම පිළිබඳව ද විවේචනයට ලක් කර තිබේ.

බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් මෙසේ ඇමෙරිකානු සමාගමකට පවරා දීමෙන් ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් මෙරටට හිමිවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now