ශ්‍රී ලංකාව AI කලාපීය මධ්‍යස්ථානයක් කිරීමට නව පියවරක් - මෙරට AI සතිය 2026 සැප්තැම්බර් 28 සිට

Report

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සහ කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත තාක්ෂණික සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහනක් ලෙස සංවිධානය කරන “ශ්‍රී ලංකා AI සතිය 2026” ලබන සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන පැවැත්වීම සම්බන්ධයෙන් නිල නිවේදනය ඊයේ (05) නිකුත් කර ඇති අතර, කෘතිම බුද්ධිය මත පදනම් වූ නව තාක්ෂණික විසඳුම්, නවෝත්පාදන සහ ඩිජිටල් පරිවර්තන අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ශ්‍රී ලංකා අන්නාසි සඳහා පකිස්ථාන වෙළෙඳපොළ විවෘත වෙයි - අපනයනයට නව අවස්ථාවක්

ශ්‍රී ලංකා අන්නාසි සඳහා පකිස්ථාන වෙළෙඳපොළ විවෘත වෙයි - අපනයනයට නව අවස්ථාවක්

ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් AI තාක්ෂණයේ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, නව තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සහ රාජ්‍ය, පෞද්ගලික හා අධ්‍යාපන ක්ෂේත්‍ර අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

AI සතිය තුළ කෘතිම බුද්ධිය සම්බන්ධ වැඩමුළු, සාකච්ඡා, ප්‍රදර්ශන සහ නවෝත්පාදන වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

කාලගුණයෙන් රතු නිවේදනයක් - දැඩි සුළං අවදානමක් ඇති මුහුදු ප්‍රදේශ මෙන්න

කාලගුණයෙන් රතු නිවේදනයක් - දැඩි සුළං අවදානමක් ඇති මුහුදු ප්‍රදේශ මෙන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න