වැස්සෙන් අසරණ වූ ගොවීන්ට වන්දි
By Sithumi
මාස 1 කට පෙර
වර්ෂාව නිසා වී වගාවට හානි සිදුවී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට පවසනවා.
ඒ අනුව තීරණය කර ඇත්තේ අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි පිරිනමන අතර හෙක්ටයාරයකට රුපියල් 100,000 ක් බැගින් වන්දි ලබා දීමටයි.
විශේෂ රක්ෂණ ක්‍රමය යටතේ කන්නයකට රුපියල් 6,400ක වාරිකයක් ගෙවීම මගින් රක්ෂණය ලබා ගන්නේ නම් වන්දි වශයෙන් ලබා දෙන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකි වනවා
.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ගොයම් කහ වී ඇති බවට ලැබෙන පැමිණිලි අනූව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින් කණ්ඩායම් අද (06) දිනයේ අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල කුඹුරු පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වී ඇති බවයි.
