අනතුරු වලින් මියයන ශ්‍රී ලාංකිකයන් ගැන ඇඟ සලිත කරන හෙළිදරව්වක්

Report

අනතුරු හේතුවෙන් මෙරට දෛනිකව පුද්ගලයින් 30ක් පමණ ජීවිත අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, සෑම පැය තුනකට වරක් පුද්ගලයින් හතර දෙනෙකු පමණ විවිධ අනතුරු හේතුවෙන් මරණයට පත්වන බවයි.

එමෙන්ම වසරකට මෙරට අනතුරු හේතුවෙන් මරණ 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් සිදුවන බවද ඔහු පැවසීය. රථවාහන අනතුරු පමණක් නොව, වැටීම්, දියේ ගිලීම්, විදුලි සැර වැදීම සහ සර්ප දෂ්ටන වැනි අනෙකුත් අනතුරු හේතුවෙන්ද සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවන අතර, ඒ පිළිබඳ සමාජ අවධානය ප්‍රමාණවත් නොවන බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

බොහෝ විට රථවාහන අනතුරු පිළිබඳ පමණක් වැඩි අවධානය යොමු වන නමුත්, අනෙකුත් අනතුරු හේතුවෙන් සිදුවන මරණ ද අමතක නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සියලු අනතුරු වැළැක්විය හැකි හේතු බවත්, නිසි ආරක්ෂක පියවර අනුගමනය කිරීම මඟින් ජීවිත රැකගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

හොරණ රෝහල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් නව තීරණයක්

හොරණ රෝහල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් නව තීරණයක්

ලිංගාශ්‍රිත රෝග නිසා පාසල් ළමුන් සහ විශ්වවිද්‍යාල ළමුන්ට සෞඛ්‍යයෙන් රතු එළියක්

ලිංගාශ්‍රිත රෝග නිසා පාසල් ළමුන් සහ විශ්වවිද්‍යාල ළමුන්ට සෞඛ්‍යයෙන් රතු එළියක්