හොරණ රෝහල සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් නව තීරණයක්

Report

බස්නාහිර පළාත් සභාව යටතේ පරිපාලනය වන හොරණ දිස්ත්‍රික් මහ රෝහල සියලු භෞතික හා මූල්‍ය වත්කම් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2022 ජූනි 3 වැනිදා මූලික රෝහලක සිට දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කළ හොරණ රෝහලේ මේ වන විට ඇඳන් 544ක ධාරිතාවක් සහ 739ක අනුමත කාර්ය මණ්ඩලයක් පවතී.

හොරණ සහ ඒ අවට කළුතර, කොළඹ හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ආවරණය කරමින් මධ්‍යගතව පිහිටි මෙම රෝහල මඟින් ආසන්න වශයෙන් ලක්ෂ 10ක ජනතාවකට සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස තෘතීයික සත්කාර සේවා තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මානව සම්පත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සුදුසු බව හඳුනාගෙන ඇත.

ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවද ලැබී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව හොරණ දිස්ත්‍රික් මහ රෝහල සියලු භෞතික හා මූල්‍ය වත්කම් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

මැලේසියාවෙන් ලංකාවට ලොකු රුකුලක් - ඇමති විජිත විශේෂ සාකච්ඡාවක

මැලේසියාවෙන් ලංකාවට ලොකු රුකුලක් - ඇමති විජිත විශේෂ සාකච්ඡාවක