46 හැවිරිදි විදෙස් ජාතිකයෙකුට 69යේ හිමිණමක් කළ ලිංගික අපරාදය මාට්ටු වෙයි.

Sri Lanka
By Aruna Dec 19, 2022 04:55 AM GMT
Aruna

Aruna

Report

සංචාරයක් සඳහා මෙරටට පැමිණ මිහින්තලා පූජා භූමියේ කළු දිය පොකුණ නැරඹීමට ගිය එංගලන්ත ජාතික පිරිමි පුද්ගලයකු හට ලිංගික අපහරණයක් සිදු කළ බව කියන චීවරධාරියකු පෙරේදා (16 දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු හැට නවයක් වන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චීවරධාරියකු බව පොලිසිය කියයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි 46 හැවිරිදි පුද්ගලයකු මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය 16දා සවස් කාලයේ කළු දිය පොකුණ නැරඹීමට ගිය අවස්ථාවේදී සැකකාර චීවරධාරියා විසින් පැමිණිලිකාර එංගලන්ත ජාතිකයාට අපහරණයක් සිදු කර ඇති බවටත්, පසුව ඔහු එම ස්ථානයෙන් මිදී මිහින්තලය රජමහා විහාරයේ මැද මළුවට පැමිණ සංචාරක පොලිස් මුරපළ වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ බව මිහින්තලය පොලිසිය පවසයි.

විමර්ශනයක් ආරම්භ කර සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය කියයි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ජයන්ත පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ආර්. ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කර සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත්හ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now