මෙරට ආසාදිතයින්ගේ නවතම වාර්තාවක් එළියට එයි..බරපතල තත්ත්වයක්...

Covid Sri Lanka Covid delta Chandima jeewandara
By Aruna Sep 10, 2021 04:40 AM GMT
Aruna

Aruna

Report

දැනට ලැබී ඇති සාම්පල මත පදනම් ව ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් 95.8%ක් ම ඩෙල්ටා විකෘති ප්‍රභේදය ආසාදිත වූවන් බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලැබුණු සාම්පල සම්බන්ධයෙන් සිදු කළ ජාන විශ්ලේෂණ වාර්තාවලට අනුව මේ බව තහවුරු වී ඇති බවයි.

එමෙන්ම, මේ වනවිට සිදුකර ඇති ජාන විශ්ලේෂණ පරීක්ෂණ අනුව තහවුරු වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ද 339 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

එමෙන්ම ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් 84%ත් 100%ත් අතර පැවති බව එම පර්යේෂකයින් පවසයි.

මේ අතර දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙදහසකට ආසන්න මට්ටමට පැමිණි පසු දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ රට විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

විද්වත් කමිටුවක මගපෙන්වීම යටතේ පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියි.

දැනට පවතින ඩෙල්ටා කොරෝනා රැල්ලෙහි යම් පාලනයක් එළඹෙන මාසය වන විට සිදුවනු ඇතැයි ද විශ්වාස කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව දත්ත විශ්ලේෂණයකින් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට පැමිණීමට හැකි වනු ඇති බවද ඔහු කියා සිටියේය.

ජනගහණයෙන් 85%ක් එන්නත්කරණයට ලක් කළ පසු රංචු ප්‍රතිශක්තිකරණය ගොඩනැගී වෛරස ව්‍යාප්තිය සැලකිය යුතු පාලනයක් ඇති වන බවත් එම සීමාවට පැමිණ පැමිණ සති දෙකක් ගිය පසු ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වුවද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශන දිගටම පිළිපැදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

කෙසේ නමුත් පාසැල් විවෘත කිරීමට පෙර දරුවන්ට එන්නත් ලබාදීම වැදගත් බවත් උසස් පෙළ පන්ති වල සිට පහළ දක්වා පියවරෙන් පියවර එන්නත් ලබාදිය යුතු බවද ඔහු තවදුරටත් පවසයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery