වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ කැබ් රථයක් අනතුරකට

Report

 බගවන්තලාව සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව නෝර්වුඩ් පොලීසිය සදහන් කර ඇත .

අද පස්වරු 4ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී බව වාර්තා වෙයි .

ඒ අනුව අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය ලිස්සා ගොස් මාර්ගය අබියස වූ දුරකථන රැහැන් සහිත කණුවක ගැටී කැබ් රථය නතර වී ඇත.

කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව බව සඳහන්ය.

  මෙම අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලීසිය සදහන් කරන්නේ අනතුරින් කැබ් රථයේ පසුපස රෝදයට ගැලවී ගොස් ඇති බවයි .

තවද අනතුරට හේතුව කැබ් රථයේ අධික වේගය සහ කැබ් රථය ලිස්ස යෑම බවට සැක කරනු ලබයි නෝර්වුඩ් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින අයහපත් කාළගුණයත් සමඟ ප්‍රධාන මර්ගවල සැළකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි .