ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට අති විශේෂ නිවේදනයක්

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

පොලීසිය රියදුරන්ට උපදෙස් දී ඇත්තේ මේ නිසා ගාල්ල සහ මාතර දෙසට ධාවනය වන වාහන අධිවේගී මාර්ගයෙන් පිටවීම සඳහා වැලිපැන්න පිවිසුම භාවිතා කරන ලෙසයි.

රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය සහ අදාළ අධිකාරීන් පියවර ගනිමින් සිටින අතර, අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත් වන ලෙසත් පොලිසියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් දන්වා සිටියි.  

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් හදිසියේම ගිනි ගනී - මගීන් 20ක් රථය තුළ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් හදිසියේම ගිනි ගනී - මගීන් 20ක් රථය තුළ