දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් හදිසියේම ගිනි ගනී - මගීන් 20ක් රථය තුළ

Report

පෞද්ගලික බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල ගිනි ගැනීමටලක්ව ඇත.

පොලිසිය නිවේදනය කළේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

අද (19) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර ගාල්ල - කොළඹ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරකට ලක්ව ඇත. එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 20 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ. ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටියි.

හෙට සිට සුදු හා රතු බිත්තර මිල ඉහළට - නව මිල මෙන්න

හෙට සිට සුදු හා රතු බිත්තර මිල ඉහළට - නව මිල මෙන්න