මිනිසුන් 116 මාරක අනතුරක - තොටුපොළ යාත්‍රාවක්,මුහුද මැද පෙරලෙයි
By Ashfa
මගීන් සහ කාර්ය මණ්ඩලය 116 දෙනෙකු රැගත් තොටුපොළ යාත්‍රාවක්, ගයනාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී පෙරළි අනතුරට ලක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගයනාවේ ජෝර්ජ්ටවුන් සිට පෝට් කයිටුමා බලා ගමන් කරමින් සිටියදී මෙම යාත්‍රාව පෙරළී අනතුරට ලක් ව ඇති බවයි.
ගයනාවේ අග්‍රාමාත්‍ය මාර්ක් ෆිලිප්ස් පවසා ඇත්තේ පුද්ගලයින් 53 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවත්, අතුරුදන් වූ අනෙක් පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.