එන්නත් දෙකම ලබාගත් වැඩිහිටියන්ට තවත් එන්නතක් - තීරණය මෙන්න

covid vaccine Cancer GMOA booster dose dr Rajeew De Silva
By Sewvandhi Sep 11, 2021 07:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වැඩිහිටියන් ට බූස්ටර් එන්නතක් ලබාදෙන ලෙස විශේෂ වෛද්‍යවරු ඉල්ලීමක් කරති. මේ අතර, එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කොවිඩ් කමිටුවේ සාමාජික ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජිව් ද සිල්වා මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය,

"දැනට එන්නත් ගහපු නැති අයට අවුරුදු 18 සිට - 60 දක්වා සයිනොෆාම් එන්නත ගහන්න කියලා අපි උපදෙස් දෙනවා. තැලිසීමියා වැනි ලෙඩ තියෙනවා නම් අවුරුදු 12 - 18 කාණ්ඩයට පමණක් ෆයිසර් මාත්‍රා 2ක් දෙන්න. අවුරුදු 60ට වැඩි ඇස්ට්‍රෙසෙනෙකා, මොඩර්නා, ෆයිසර් ගත් අය මාස 6ක් ඇතුළත මියයන්නේ නැහැ. නැත්නම් බරපතළ රෝග ලක්ෂණ ඇතිවීම අඩුයි කියලා අපිට පේන්න තියෙනවා. මාස 6කට පසු ඔවුන්ට බූස්ටර් මාත්‍රාවක් දිය යුතුයි කියලා අපි උපදේශයක් රජයට දීලා තියෙනවා. අවුරුදු 12 - 18 ළමුන්ට ෆයිසර් එන්නත නියම කරලා තියෙනවා. ලංකාවේ අපි දන්න විදියට අවුරුදු 12 - 18 කාලය ඇතුළත දරුවන් 14ක් වගේ මියගිහින් තියෙනවා. ඒ අවුරුදු 12 - 18 දක්වා වකුගඩු රෝග හෝ පිළිකා වැනි රෝග තියෙන දරුවන් ට ෆයිසර් මාත්‍රා 2ක් ගහන්න කියලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now