බස්නාහිර, සබරගමුව සහ වයඹ වැසියන්ට විශේෂ දැනුම්දීමක් - අද දවසේ කාලගුණ පෙරළිය

Report

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැක. මීට අමතරව අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්. සෙසු ප්‍රදේශවල පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

පිලිපීනය හෙල්ලූ භූ කම්පනය - රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

පිලිපීනය හෙල්ලූ භූ කම්පනය - රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

ගුරු සහ සිකුරු එකම දවසේ මාරු වෙයි - ලග්න 5කට හදිසි මහා ධන නිධානයක්

ගුරු සහ සිකුරු එකම දවසේ මාරු වෙයි - ලග්න 5කට හදිසි මහා ධන නිධානයක්