දෙවිනුවර පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - අද රාත්‍රී 10 දක්වා වලංගුයි දැනුවත් වෙන්න
දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද (28) සහ හෙට (29) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි.
ඒ අනුව, අද රාත්‍රී 9.00 දක්වා මෙම විශේෂ රථවාහන සැලැස්ම බලාත්මකව පවතිනු ඇත. එම කාලය තුළ ප්‍රදේශයේ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
එල්ලිනෝ සමග මෝසමත් සක්‍රීය වේ - පැය 24ක් යනකම් මේ පලාත් සහ දිස්ත්‍රික්ක සඳහා අවදානම් රජය කල්තියා දැනුම් දෙයි
මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර - යටියන මාර්ගයට පැමිණ කැකනදුර හන්දියෙන්, වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකිය.
එමෙන්ම, තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර, දික්වැල්ල - වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ මාතර දක්වා ගමන් කළ හැකි බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.