එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකාවේ විශේෂ 'මෙහෙයුම් මැදිරියක්'

Report

ආරක්‍ෂක ලේකම්වරයා විසින් එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් "මෙහෙයුම් මැදිරියක්" ස්ථාපිත කිරීමට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය සේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

එසේම මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්‍ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම වේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට නරක ආරංචියක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට නරක ආරංචියක්

මෙම පියවර ගෙන ඇත්තේ යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්‍ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහායි.

එමෙන්ම මේ යාන්ත්‍රණය ඔස්සේ උත්සව සමය පුරා මහජන ජීවිත සුරක්‍ෂිත කිරීමටත්, රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්‍ෂා කිරීමටත්, බලධාරීන්ට වඩාත් හොඳින් අවස්ථාව සැලසෙනු ඇත.

ඒ අනුව මෙමගින් නැවත වරක් මහජනතාවට කිසිදු බාධාවකින් තොරව සාමකාමීව උත්සව සමය සැමරීමට හැකි වන පරිදි සුරක්‍ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය සතු නොසැලෙන කැපවීම අවධාරණය කර තිබෙනවා.

අද සිට මේ අධිවේගී මාර්ගය භාවිතා කරන අයට ප්‍රවේශපත් නිකුත් කරන්නේ මෙහෙමයි - වෙනස් ක්‍රමයක්

අද සිට මේ අධිවේගී මාර්ගය භාවිතා කරන අයට ප්‍රවේශපත් නිකුත් කරන්නේ මෙහෙමයි - වෙනස් ක්‍රමයක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්