කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට නරක ආරංචියක්
කොළඹ ඇතුළු මෙරට බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘IQAir’ වෙබ් අඩවියට අනුව පෙරේදා (20 වැනිදා) සහ ඊයේ (21 වැනිදා) ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමේ පැවැතුණ බව වාර්තා වේ.
ඒ අනුව වායු තත්ත්ව දර්ශකය නිරන්තරයෙන් යාවත්කාලීන කරන ‘IQAir’ වෙබ් අඩවියට අනුව එහි සෞඛ්‍යයට අහිතකර වායු මට්ටම රතු පැහැයෙන් පෙන්නුම් කරන බව සඳහන්.
අඳාළ වෙබ් අඩවියට අනුව ඊයේ (21 වැනිදා) දින පෙරවරුව වන විට මෙරට අහිතකරම වායු තත්ත්ව දර්ශකය යාපනයෙන් පෙන්නුම් කර තිබෙන අතර එහි අගය 190ක් විය.
එසේම එය රතු පැහැයෙන් පෙන්නුම් කර ඇත. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මෙරට බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය පෙරේදා (20) සහ ඊයේ (21) දින 150 අගය ඉක්මවා රතු පැහැයෙන් සලකුණු කර තිබෙනවා.
එබැවින් කොළඹ ආශ්‍රිතව වායු තත්ත්ව දර්ශකයෙහි අගය මාලිගාවත්ත 173, පැලවත්ත 167 සහ නුගේගාඩ 165 ලෙස පැවතුණා. මේ අතර හලාවත 186, පුත්තලම 165, මිහින්තලේ 173, කුරුණෑගල 169, කිලිනොච්චිය 184, ත්‍රිකුණාමලය 187, අම්පාර 165, අනුරාධපුර 173 සහ මඩකලපුව 157 ආදී වශයෙන් එහි අගයන් සඳහන්ව ඇත.