මෙරට සියලුම බැංකු ගණුදෙනු කරුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ..

Central Bank of Sri Lanka The Bank of Ceylon Sri Lanka Social Media People's Bank Social Media
By Aruna May 07, 2024 05:11 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ ජංගම බැංකු භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකතන හයිජැක් කර, බැංකු ගිණුම් අත්පත් කර ගන්නා හැකර්වරුන් පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය Lanka Pay සහ FinCSIRT අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව ගෝලිය හා හේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව ඔවුන් වෙත තොරතුරු ලැබී ඇති බවයි, එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

එබැවින් ජංගම දුරකතන උපාංග සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා වංචාකරුවන් විසින් ඉහත ආකාරවලින් සලසා ගන්නා බවත්, එමගින් අදාළ උපාංග දුරස්ථව පාලනය කිරීමේ හැකියාව ඔවුන් අත්පත් කර ගන්නා බව එමගින් දන්වා ඇත.

තවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අන්තර්ගත බැංකු / ගෙවීම් යෙදුම් (payment apps) වෙත ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව උදා කර ගන්නා බවයි.

එසේම ඒ තුළින් බැංකු ගිණුම් සහ ගෙවීම් කාඩ්පත් තොරතුරු ලබා ගනිමින් ඒවා වංචනිකව භාවිත කොට මුදල් සොරකම් කිරීමට අදාළ කණ්ඩායම් කටයුතු කරන බවයි, එම ඒකාබද්ධ නිවේදනය මගින් පවසනු ලබන්නේ.

එබැවින් එවැනි තත්ත්වයන්ගෙන් බේරීම සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය සමග අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරන අනෙකුත් ආයතන ඉල්ලා සිටියි.

එම මාර්ගෝපදේශ මාලාව පහත නිවේදනයේ සඳහන් කර ඇත.

Gallery