අද රෑ 10 සිට පෙබරවාරි 09 වන දින දක්වා වලංගු විශේෂ පොලිස් නිවේදනයක්
කොළඹ, කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ආනන්ද කුමාරස්වාමි මාවතේ ග්‍රීන් පාත් පරිශ්‍රයේ අද (06) දින රාත්‍රියේ සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසියෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව එම පරිශ්‍රය තුළ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ඒ නිසා ඇතිවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීමට අද (06) රාත්‍රී 10.00 සිට පෙබරවාරි 09 වන දින අළුයම 04.00 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව සඳහන්.
ඒ අනුව පොලීසිය දන්වා සිටියේ ආනන්ද කුමාරස්වාමි මාවතේ පුස්තකාල වටරවුම සිට හෝර්ටන් වටරවුම දක්වා (විහාරමහා දේවී උද්‍යානයට සමාන්තරව ඇති මාර්ගය) එක් මංතීරුවක පමණක් කොළඹට ඇතුල් වීමට සහ කොළඹින් පිටවීමට හැකිවන පරිදි රථ වාහන කේතු යොදා වෙන් කිරීමට කටයුතු කරන බවයි.