නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ
අද (13) උදෑසන සැක කටයුතු ලෙස නිදී යහන මත මිය ගොස් සිටි කළමණාකාර සේවා නිලධාරිනියකගේ මළ සිරුරක් හමුවී තිබේ.
දඹුල්ල පොලිසියට දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිවසක නිදා ගෙන සිටි එක් දරු මවක් හදිසියේ මියගොස් ඇති බව පැමිණිලි ලැබී ඇත.
පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ නිලධාරීන් වහාම ස්ථාන පරික්ෂාව සිදු කරන ලද අතර සිදුකළ පරීක්ෂණයේදී මෙම මරණය සැක සහිත බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක ලෙස කටයුතු කරන තාරුකා කව්ශ්යල්යා නිශ්ශංක (34) නමැති එක්දරු මවක් බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
දඹුල්ල පොලිසිය විසින් මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් අදාළ සිද්ධිය පිළිබඳව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාකොට ඉන් ඉදිරි පරීක්ෂණ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත බවයි.
පොලිසිය, මියගිය කාන්තාවගේ සැමියාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකළ අතර තම බිරිය විභාගයක් සඳහා සූදානම් වන බැවින් 12 වැනිදා පස්වරු හතරට පමණ නිදා ගැනීමට ගිය බව ඔහු පවසා ඇත.
පසුව ඇය රාත්‍රියේ ඇය අවදි නොවීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට ද දැනුම්දී 1990 ගිලන් රථය ගෙන්වාගෙන රෝහල් ගත කිරීමට ගිය අවස්ථාවේදී එහි පැමිණි නිලධාරින් ඇය මියගොස් ඇති බවට දැනුම් දුන් බවද ඔහු ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය කාන්තාව සැමියා සහ වයස අවුරුදු පහක් වූ කුඩා පිරිමි දරුවකු සමගින් මෙම නිවසේ වාසය කොට තිබෙනවා.