මේ වාහනවලට මුදල් ගෙවා විශේෂ අංක ගැනීමට නිල අවසර - එක් අංකයකට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

Report

මෝටර් වාහනවලට අංක ලක්ෂයක් ඉදිරියෙන් ඇති විශේෂ අංක වෙන් කිරීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසර හතරක කාලයකදී රුපියල් කෝටි 118ක ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් 2023 වසරේදී වාහන 11 ක්ද 2024 වසරේදී වාහන 46ක්ද 2025 වසරේදී වාහන 692ක්ද මේ වසරේදී වාහන 436ක්ද එසේ අංක ලක්ෂයක් ඉදිරියෙන් වන විශේෂ අංක ලබාගෙන ඇති බව සඳහන්.

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

වාහන අංක තහඩුවලට අලුතින්ම කරන්න යන දේ මෙන්න - මැයි මාසයේ අග සිට නිකුත් කරන බවටත් දැනුම්දීමක්

මෙම මෝටර් වාහන වෙනුවෙන් නිකුත් කරන අංකවලින් අංක ලක්ෂයක් ඉදිරියෙන් ඇති විශේෂ අංකයක් වෙන් කිරීමේදී එක් අංකයකට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක් අය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිල වශයෙන් අවසර දී ඇති බව වාර්තා වේ.

එමෙන්ම වසර තුනක පමණ කාලයක් මෙම මුදල් අය කරගෙන ඇත්තේ ගැසට් නිවේදනයක් නොමැතිව බවද එහිදී අනාවරණය වී ඇත.

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

ඒ අනුව මෝටර් සයිකල්, මෝටර් ට්‍රයිසිකල් සහ මෝටර් ට්‍රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහනවලට මේ අනුව මුදල් ගෙවා විශේෂ අංක ගැනීමට අවසර හිමි වනු ඇති බව සඳහන්.

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්