ඇමති නලින්දගෙන් විශේෂ දැනුම්දීමක්

National Health Service Nalinda Jayatissa Sinhala news
By Mithu Apr 29, 2025 03:34 PM GMT
Mithu

Mithu

Report

මැයි මස අවසන් වීමට පෙර සම සෞඛ්‍ය උපාධිධාරීන් සේවයට බඳවාගෙන ඔවුන් පුහුණුව සඳහා අනුයුක්ත කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය පසුගිය අප්‍රේල් මාසයේ පැවැත් වූ බවත් ඉදිරි සති දෙක තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, මැයි මස අවසන් වීමට පෙර ඔවුන් සය මාසික පුහුණුවට අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. මාස 06කට පසු ඔවුන්ට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතුකරන බවද පැවසීය දැනට පවතින වැටුප් සහ දීමනා වැඩිවීම අනූව, සම සෞඛ්‍ය උපාධිධාරින් පුහුණු පාඨමාලාවට බඳවා ගැනීමේදී , රුපියල් හතලිස් පන්දහසක පමණ දීමනාවක් සහ රාජ්‍ය සේවයට ස්ථිර වශයෙන් බඳවා ගත් පසු රුපියල් හැත්තෑ පන්දහසකට ඉහළ වැටුප් සහ දීමනා ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.

පුහුණුව අවසන් වී මෙම සම සෞඛ්‍ය උපාධිධාරී කණ්ඩායම , රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පෙර ඊළඟ කණ්ඩායම සඳහාද තරඟ විභාගය පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයට අනූව අයදුම්පත් ප්‍රමාණය පුරප්පාඩු වලට වඩා වැඩි වීම හේතුවෙන් ලිඛිත විභාගයක් පැවැත්වූ බවද විභාගයට ඉදිරිපත් වූ ප්‍රමාණය පුරප්පාඩු වලට වඩා අඩු නිසා මෙම සියලු උපාධිධාරීන්ට රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වීමට හැකියාව පවතින බවද අවධාරණය කළේය.

පිටු දහයක කට උත්තරයක් දීලා රනිල් ගෙදර යයි

පිටු දහයක කට උත්තරයක් දීලා රනිල් ගෙදර යයි

ReeCha