2026 පාසල් වාරය සමඟින් දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 2026 වර්ෂය සඳහා වන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ජනවාරි මස 05 වන දින ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව අමාත්‍යංශය තීරණය කර ඇත්තේ රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයක පාසල් සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති හානි සැලකිල්ලට ගෙන, ඒවා යථා තත්ත්වයට පත්වන තුරු 2026 වසරේ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමටයි.

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

එබැවින් අඳාළ නිවේදනයේ දක්වා ඇත්තේ 5 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා වෙනස් නොවන අතර, 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද 7ක් පැවැත්වෙන අතර, එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරෙන බවයි.

එමෙන්ම 1 සහ 6 ශ්‍රේණි සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙම වසරේ සිට ක්‍රියාත්මක බවත්, 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ආකාරයට 2026 ජනවාරි 21 වන දින ආරම්භ වීමට නියමිත බවත් අමාත්‍යංශය දක්වයි.

එමෙන්ම පළමු ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ජනවාරි 5 වන දින ඇරඹෙන අතර, විධිමත් අධ්‍යයන කටයුතු ජනවාරි 29 වන දින ආරම්භ වීමට නියමිත බව සඳහන්.

අඳාළ නිවේදනයෙහි 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන බවත් දක්වා ඇත.

මේ අවුරුද්දේ ඉඳන් මේවා තහනම් - පාසල්වලටත් සීමා කරයි

මේ අවුරුද්දේ ඉඳන් මේවා තහනම් - පාසල්වලටත් සීමා කරයි

   

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට