රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

Report

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සදහා පැවැත්වෙන තරග විභාගයට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (05) දින සිට අයදුම්කළ හැකි බව දැනුම් දෙයි.

ඒ අනුව අද දින පෙරවරු 09.00 සිට මේ මස 19 වන දින පස්වරු 09.00 දක්වා ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතින බව සඳහන්.

එසේම රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්ට ද ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීමට පැවැත්වෙන තරග විභාගයට මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ මස 20 වන දින පෙරවරු 09.00 සිට මාර්තු මස 05 වන දින පස්වරු 09.00 දක්වා අයදුම් කළ හැකියි.

මේ රජයේ නිලධාරීන්ට දෙන වාහන පර්මිට් එකට විශාල තීරු බදු සහනයක්

මේ රජයේ නිලධාරීන්ට දෙන වාහන පර්මිට් එකට විශාල තීරු බදු සහනයක්

වසර 07කට අධික කාලයක් පාසැල්වල සේවය කළ ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන මෙන් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ පසුබිමක අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ගුරු පුරප්පාඩු පිරවීමට අදාළව තරග විභාගයට අයදුම්පත් යොමු කිරීමේ දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබුණා.

අඳාළ ගැසට් නිවේදනවලට අනුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා ගුරු විභාගයට පෙනී සිටීමේ වයස් සීමාව 2023 පෙබරවාරි 10 වැනිදාට අවුරුදු 45ට නොවැඩි විය යුතු බවත් රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන් සඳහා 2023 පෙබරවාරි 10 වන දිනට අවුරුදු 40ට නොවැඩි විය යුතු බවත් සඳහන් කර ඇත.

සියලුම නව මෝටර් රථ මාදිලිවලට අලුත් නීතියක් - මේ දොර හැන්ඩ්ල් එක තහනම් කරයි

සියලුම නව මෝටර් රථ මාදිලිවලට අලුත් නීතියක් - මේ දොර හැන්ඩ්ල් එක තහනම් කරයි

ව්‍යාපාරිකයන්ට සුභ ආරංචියක් මෙන්න

ව්‍යාපාරිකයන්ට සුභ ආරංචියක් මෙන්න