අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

Report

කම්කරු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) දින සිට ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිතව ඇති බවයි.

එමෙන්ම එම අමාත්‍යාංශය මඟින් අද ආරම්භවන සමාරම්භක වැඩසටහනින් පසු රට පුරා මෙම ජංගම සේවා සතිය ආරම්භ කිරීමට දැනටමත් සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළා.

සියලුම EPF ගැටලු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සියලුම EPF ගැටලු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ඒ අනුව එහිදී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබා දීම, නීති උපදෙස් සහ මග පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මේ තුළින් ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.  

ඒ අනුව පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවයේ නියුතු අයට කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලවල මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන් සතිය ක්‍රියාත්මක වන බව ද මින් පෙර එම අමාත්‍යාංශය මඟින් දන්වා තිබුණා. 

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ