සියලුම EPF ගැටලු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

නොවිසඳුණු සේවක අර්ථ සාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසැඳුම් ලබා දීමට ජංගම සේවා වැඩසටහන් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවයේ නියුතු අයට කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලවල මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන් සතිය ක්‍රියාත්මක වන බව සඳහන්.

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

එබැවින් ලබන සැප්තැම්බර් මස 22 සිට සැප්තැම්බර් මස 26 දින දක්වා එම සේවා පැවැත් වෙන බව දන්වයි. එහිදී ලබා ගත හැකි සේවාවන් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ,

* සේවක අර්ථ සාධක අරමුදල් සාමාජික ගිණුම් තොරතුරු/ ශේෂ පිරික්සීම.

* නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත අනුව නිවැරදි කර ගැනීම.

*සාමාජිකයින් ලියාපදිංචි කිරීම * පැමිණිලි භාරදීම

*කම්කරු නීති සම්බන්ධව උපදෙස් ලබා ගැනීම යන සේවාවන් ය.

තවද අඳාළ සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් ජාතික හැඳුනුම්පත, බී කාඩ්පත (ලියාපදිංචි වී ඇත්නම්), සේවායෝජකගෙන් ලබා ගත් ලිපිය (සංශෝධන සිදුකර ගැනීමට අවශ්‍යනම්) රැගෙන පැමිණිය යුතු බවද කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කරයි.

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඉස්සරහට වෙන්න යන දේ ගැන කල්තියා අනතුරු ඇඟවීමක්

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා