සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ආපදා සැලැස්මක් - හෙට සිට[UPDATE]
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන කටයුතු කිරීම සඳහා හෙට (15) සිට ඒකාබද්ධ අඛණ්ඩ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන පෙබරවාරී 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, විභාග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ඒකාබද්ධව මෙම අඛණ්ඩ සැලැස්ම ක්‍රියාත්මක කරන බවයි.