සා/පෙළ විභාගෙට තවත් කරදරයක් - විභාගය මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු කරන විශේෂ දෙයක් ගැන දැනුම්දෙයි
අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ, විභාග මධ්‍යස්ථාන අවට පරිශ්‍රයන්හි ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමටත්, මදුරුවන් මර්දනය වෙනුවෙන් ධූමායන (Fogging) කටයුතු සිදු කිරීමටත් මේ වන විට පියවර ගෙන තිබෙන බවයි.
එමෙන්ම විභාග කාල සීමාව තුළ දරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට හැකි ආකාරයට ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමත් මෙහි අරමුණ වී ඇත.
ඊට අමතරව පාසල් බලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගය ඇතිව විභාග ශාලා පිරිසිදුව තබා ගැනීමට ද උපදෙස් ලබා දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.